FAST NEWS

24×7 Around the Globe

දිවයින පුරා පොලිස් ඇදිරි නීතිය පනවයි….

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – නැවත දැනුම්දෙන තුරු දිවයින පුරා මේ මෙහොතේ පටන් පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක වනු ඇත.
ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයා හට අදාළ උපදෙස් ලබාදී තිබේ.
රටේ ආරක්ෂයක තත්ත්වය පිළිබදව ආරක්ෂුක අංශ සහ සියලුම අංශවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ජාවක් පැවති අතර එහිදී පොලිසීය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා සියලුම ආගමික ස්ථාන, සංචාරක හෝටල්, රෝහල්, තානාපති කාර්යාල සහ සියලුම කතෝලික ආගමික නායකයන් ඇතුළු ආගමික ස්ථාන, රජයේ වැදගත් ස්ථාන වල ආරක්ෂාව තර කිරීමට රජය කටයුතු යොදා තිබේ.