(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කොළඹ කොච්චිකඩේ, මීගමුව කටුවපිටිය සහ මඩකලපුව දේවස්ථාන තුනක් ඇතුළු ස්ථාන 08 ක අද (21) සිදුවු පිපිරිම් වලින් මිය ගිය ගණන 207 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
පිපිරීම් වලින් මීය ගිය සංඛ්‍යාව 194 දක්වා ඉහළට. (Update)
අද (21) උදෑසන සිට මේ දක්වා සිදු වු පිපිරීම් වලින් මිය ගිය ගණන පුද්ගලයින්ගේ ගණන 194 දක්වා ඉහළ ගොස් ඇතැයි ආරක්ෂක අංශ තහවුරු කර සිටියි.
එසේම පුද්ගලයින් 400 ක අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවත් පැවසේ.








