FAST NEWS

24×7 Around the Globe

අදත් පස්වරු කාලයේ ගිඟුරුම් සහිත වැසි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (20) සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ සමඟ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වර්ෂාපතනයක් ඇතිවිය හැක.