FAST NEWS

24×7 Around the Globe

උතුරු කොරියා නායකයා රුසියා සංචාරයකට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – උතුරු කොරියා නායක කිම් ජොන් උන් රුසියාවේ සංචාරයක නිරතවීමට නියමිත බව රුසියා වාර්තා පවසයි.
එම සංචාරයේදී රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට ද නියමිත බවත් පැවසේ.
කිම් ජොන් උන්ගේ සංචාරය මෙම මස අවසන් සතියේදී හෝ ලබන මාසය මුලදී සිදුකරනු ඇති බව රුසියා වාර්තා වැඩිදුරටත් කියයි.
ඔවුන් දෙදෙනාගේ හමුව සම්බන්ධයෙන් නිශ්චිත දිනයක් හෝ ස්ථානයක් පිළිබද මෙතෙක් හෙළිකර නොමැත.
උතුරු කොරියා නායකයාගේ රුසියා සංචාරය පිළිබද ප්‍රකාශයට පත්වූයේ ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සමග තවදුරටත් සාකච්ඡාවල නිරතවීමට අදහසක් නොමැති බව උතුරු කොරියාව ප්‍රකාශ කිරීමෙන් පසුව විම විශේෂත්වයකි.