FAST NEWS

24×7 Around the Globe

මහ සිකුරාදා දිනය අදයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ලෝකවාසී කිතුණු බැතිමතුන්ගේ ගැලවුම්කාරයාණන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේ ඇණ ගසා මරණයට පත්කිරීමේ දුක්ඛප්‍රාප්තිය සිදුවූ මහ සිකුරාදා දිනය අද (19) යි.
ලොව පුරා කිතුනු බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් මහ සිකුරාදාව වෙනුවෙන් සෑම කිතුණු දෙව්මැදුරකදීම දුක් ප්‍රාප්ති දේව මෙහෙයන් පැවැත්වෙයි.
අළු බදාදා දිනයෙන් ආරම්භ වූ දින හතළිහක චතාරික කාල පරිච්ඡේදය කිතුනුවන්ට බෙහෙවින් වැදගත්. මෙම කාලය පුරා කිතුණු බැතිමතුන් යාඥාවෙන්, එක්වරු සීලය රැකීමෙන් හා දානමාන ක්‍රියාවල නිරත වෙමින් කිතු සමිඳුගේ කුරුසයේ ගමන සිහිපත් කෙරෙන පාද නමස්කාර යාගයන්හි නිරත වුණා. මහත් භක්තියෙන් පාස්කු සමය ගතකරන කිතුණු බැතිමතුන්ගේ විශේෂිතම දිනය ලෙසයි මහ සිකුරාදාව සැලකෙයි.
දින තුනකට පසු එනම් ඉරිදා දිනයේ කිතු සමිඳාණන් මළවුන්ගෙන් නැගිටීම හෙවත් කිතු උත්ථානය සමරනු ලබන්නේ උත්සවශ්‍රීයෙනී.එදින පාස්කු ඉරිදා ලෙසයි හැදින්වෙයි.