(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මේ වසරේ (2019) මුල සිට අප්‍රේල් 17 දින දක්‌වා කාලයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව රු. 174.65 දක්‌වා ශ්‍රී ලංකා රුපියල සියයට 4.6 කින් ශක්‌තිමත් වී ඇතැයි මහ බැංකුව කියයි.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක මෙසේද දැක්‌වේ.
2018 වසරේ අවසානයේදී දක්‌නට ලැබුණු විනිමය අනුපාතිකය මත වූ දැඩි පීඩනය සැලකිය යුතු ලෙස වෙනස් වෙමින් 2019 වසරේ ජනවාරි මාසයේදී අඩුවිය. ඒ අනුව ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල 2018 වසරේ දෙසැම්බර් අවසානයේදී වාර්තා වූ රුපියල් 182.75 සිට 2019 වසරේ ජනවාරි මාසය අවසානයේදී රුපියල් 179.88 දක්‌වා සියයට 1.6 කින් අතිප්‍රමාණය විය. 2019 වසරේ අප්‍රේල් 17 දක්‌වා කාලපරිච්ඡේදය තුළ විනිමය අනුපාතිකය අතිප්‍රමාණය වෙමින් ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල් 174.65 දක්‌වා සියයට 4.6 කින් අතිප්‍රමාණය විය.
ජාත්‍යන්තර ස්‌වෛරීත්ව බැඳුම්කර සඳහා ගෙවීම් සිදු කිරීමත් සමග 2019 වසරේ ජනවාරි මස අවසානයේදී රටේ දළ නිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 6.2 ක් දක්‌වා පහළ ගියේය. ඉන්පසු 2019 වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 2.4 ක් වූ ජාත්‍යන්තර ස්‌වෛරීත්ව බැඳුම්කර සාර්ථකව නිකුත් කිරීම හේතුවෙන් 2019 වසරේ මාර්තු මස අවසානයේදී දළ නිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 7.6 දක්‌වා ඉහළ ගිය අතර එය ආනයනික මාස 4.3 කට සමාන බව ඇස්‌තමේන්තු කර ඇත.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.