FAST NEWS

24×7 Around the Globe

කුරුඳුගහැතැප්ම ප්‍රදේශයෙන් මිලියන 35 හෙරොයින් අල්ලයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කුරුඳුගහැතැප්ම ප්‍රදේශයේ ගරාජයක තිබී රුපියල් මිලියන 35 ක් පමණ වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 03 යි ග්‍රෑම් 600ක ප්‍රමාණයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඊයේ (18) රාත්‍රී සිදුකළ විශේෂ මෙහෙයුමක් අතරතුර මෙම හෙරොයින් තොගය සොයා ‍‍ගත් බවද පැවසේ.