FAST NEWS

24×7 Around the Globe

ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනීමට හේතු නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි.

රාඩා ආයතනයේ සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් එහි හිටපු සභාපති ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනීමට කිසිදු සාධාරණ හේතුවක් නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රකාශ කළේ ය.

අගවිනිසුරු කේ. ශ්‍රීපවන්, රෝහිණී මාරසිංහ හා ඊවා වනසුන්දර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මේ බව ප්‍රකාශ කළේ, අලස් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද යළි විභාගයට ගත් අවස්ථාවේදී ය.

පොලිස්පත්වරයා, නීතිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් එම පෙත්සම ගොනු කර තිබිණ.