FAST NEWS

24×7 Around the Globe

පාකිස්ථානයේ බස් මගීන් 14 ක් වෙඩි තබා ඝාතනය කෙරේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  අද (18) පෙරවරුවේ පකිස්ථානයේ කරච්චි නගරයේ සිට ගවඩාර් නගරය වෙත ගමන් කරමින් තිබූ බස් රථයක් පැහැරගත් පුද්ගලයෙකු විසින් රථයේ සිටි 14දෙනකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
මගීන්ගේ අනන්‍යතාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව තෝරාගත් පිරිසක් ඝාතනය කර ඇතැයි මූලික පරීක්ෂණ වලින් අනාවරණය වි ඇති බවත් ඝාතනය කිරීම සඳහා තෝරාගෙන ඇත්තේ කුමන පදනමක් මතද යන්න පැහැදිලි නැති බව පොලිසිය සඳහන් කරයි.
මෙම ඝාතන සිදුව ඇති බලුකිස්ථාන ප්‍රාන්තය බෙදුම්වාදීන් සහ ඉස්ලාම් සටන්කාමින් යන දෙපිරිසම ක්‍රියාත්මකව සිටින ප්‍රදේශයක වන බවත් කියැවේ.