FAST NEWS

24×7 Around the Globe

දුම්රිය වෘත්තීය සමීති හා බළධාරීන් අතර විශේෂ සාකච්ඡාවක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දුම්රිය සේවයේ වැටුප් විෂමතා පිළිබද සාකච්ඡා කිරීම සදහා වන විශේෂ සාකච්ඡාවක් දුම්රිය වෘත්තිය සමිති සහ රජය අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට මුදල් අමාත්‍යංශයේදී පැවැත්වෙයි.
මෙම සාකච්ඡාව සඳහා රජය වෙනුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග යන මහත්වරුන් මෙම සාකච්ඡාවට එක්ව සිටින බව මුදල් අමාත්‍යාංශය පවසයි.
දුම්රිය ස්ථානාධිපති, රියදුරු, නියාමක, පාලක හා අධීක්ෂණ කළමණාකරුවන් නියෝජනය කරන වෘත්තිය සමිති මෙම සාකච්ඡාව සදහා සහභාගී වී ඇති බවත් පැවසේ.
දුම්රිය සේවයේ වැටුප් විෂමතා පිළීබද ගැටලුවලට විසදුම් නොලැබීම හමුවේ පසුගිය 09 වනදා දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමට වෘත්තිය සමිති සූදානමින් සිටි අතර එ සම්බන්ධයෙන් බළධාරින් ලබා දුන් පොරොන්දුවකට අනුව වැටුප් විෂමතා පිළිබඳ අද (18) මෙම සාකච්ඡාව පැවැත්වෙන බව සඳහන්.