FAST NEWS

24×7 Around the Globe

11 සිට 17 දක්වා බීමත් රියැදුරන් 1536 ක් අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – උත්සව සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සිදුකළ මෙහෙයුම් වලින් පසුගිය 11 වැනිදා පෙරවරු 6.00 සිට අද (17) පෙරවරු 6.00 දක්වා බීමත් රියදුරන් 1536ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
එසේම එම කාලය තුළදී ලබාගෙන ඇති රථ වාහන නඩු සංඛ්‍යාව 42114කි.
අද (17) පෙරවරු 6.00න් අවසන් වූ පැය 24ක කාලය තුළදී බීමත් රියදුරන් 266ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ලබාගෙන ඇති රථ වාහන නඩු සංඛ්‍යාව 7134කි.