FAST NEWS

24×7 Around the Globe

වියළි කාළගුණයෙන් උතුරේ පුද්ගයින් 99,191 කට පීඩා..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – උතුරු පළාතට මේ දිනවල බලපා ඇති වියලි කාලගුණයෙන් පවුල් 28,950 ක පුද්ගලයින් 99,191 දෙනෙකු පීඩාවට පත්වී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඉන් වැඩිම පුද්ගලයින් සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටින්නේ මන්නාරම දිස්ත්‍රික්කයේ බවත්, එ අනුව එම දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 53,569 ක් පීඩාවට පත්ව සිටින බව එම නිවේදනයෙහි සඳහන් වෙයි.
යාපනය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 33,501 ක්ද, මුලතිව් දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 6,296 ක්ද, කිලිනොච්චියේ පුද්ගලයින් 5720 ක්ද, වියලි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටිති.
මේ අතර වියලි කාලගුණය සහ දැඩි සුළං හේතුවෙන් දිවයින පුරා දිස්ත්‍රික්ක 21 ක පුද්ගලයින් පන් ලක්ෂ 80,717 දෙනෙකුට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩි දුරටත් පවසයි.