FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවකයින්ට මාස 03 ක බෝනස්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2006 වසරින් පසු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවක සේවිකාවන් සදහා සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් මාස 03 ක බෝනස් දීමනාවක් මෙවර ලබාදීමට පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තමන්ගෙන් කළ ඉල්ලීමකට අනුව අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය යටතේ මෙම බොනස් දීමනාව ලබා දිම සිදු කෙරුණූ බන එහි සභාපති ආචාර්ය එම්.එච්.එම් රූමි මහතා පවසයි.
බෝනස් දීමනාවක් ලබාදීම සදහා සංස්ථාවේ ආදායම සියයට 125 කින් වැඩිවී තිබිය යුතු බවත් මේ වනවිට සංස්ථාවේ ආදායම සියයට 130 කින් වැඩි වී ඇත.
සංස්ථාවේ සේවක සේවිකාවන් 1050 ක් සේවය කරන බවත්, ඔවුන්ට බෝනස් දීමනා ලබාදීම සදහා රුපියල් මිලියන 150 ක මුදලක් වැය කළ බවද එ මහතා පෙන්වා දෙයි.