FAST NEWS

24×7 Around the Globe

අවුරුදු සමයේදී අධිවේගයේ දෛනික ආදායම මිලියන 30 ඉක්මවයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේදී අධිවේගී මාර්ගවල දෛනික ආදායම රුපියල් මිලියන 30 ඉක්මවූ බවත් එය පසුගිය වසරට සාපේක්ෂව 08%-10% අතර ප්‍රමාණයක ඉහළ යාමක් බවත් අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු අංශය පවසයි.
මෙවර අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරු වල ඉහළ යාමක්ද ඇති බවද එම අංශය කියයි.
අලුතින් අධිවේගී මාර්ග භාවිතා කරන පිරිස් අතින් අනතුරු වැඩි ප්‍රමාණයක් සිදුව ඇති බවත් එයට හේතුව අධිවේගී මාර්ග වල රථවාහන ධාවනය කිරීමේදී අනුගමනය කර යුතු නීති රීති පිළිබඳව නිසි දැනුමක් නොමැති වීම බවත් පෙන්වා දෙයි.
විශේෂයෙන්ම පැයට කිලෝමීටර් 100 පමණ වේගයෙන් ගමන් ගන්නා වාහනයක හදිසි තිරිංග තද කිරීම පසුගිය දින කිහිපයේ ඇතිවූ අනතුරු වලට විශේෂ හේතුවක් වී ඇති බවත් එම අංශය කියයි.