(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිංහල සහ දෙමල අවරුදු සමයේ හදිසි අනතුරු හේතුවෙන් පුද්ගලයින් 647 දෙනෙකු කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගෙන තිබෙන බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක් පවසයි.
ඉන් 174 ක් මහා මාර්ග අනතුරුවලට ලක්වූවන් අතර පෙර වසර හා සැසදීමේදී එම සංඛ්‍යාව සියයට දහයක අඩුවීමක් ඇති බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.
මෙවර හිංසන සිද්ධීන් හේතුවෙන් 70 දෙනෙකු ප්‍රතිකාර ලබාගෙන ඇති අතර මෙය 2018 වසර හා සැසැදීමේදී එය සියයට දහයක අඩුවීමක් ලෙසිනුයි සටහන් වෙයි.
කෙසේවෙතත් පෙර වසර හා සංසන්දනය කිරීමේදී මේ වසරේදී සිදුවූ ගිණිකෙලි අනතුරු සංඛ්‍යාව ඉහල ගොස් තිබේ.








