(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අනුරාධපුර ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් එකහමාරක් රුපියල් ලක්ෂ හතරහමාරකට විකිණීම සඳහා සිය සන්තකයේ ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු කිලිනොච්චිය ප්‍රදේශයේ රෙදිපිලි සාප්පුවක ඇඳුම් මසන්නෙකු ලෙස සේවය කරමින් සිටින අතර, ඔහු එහි සිට අනුරාධපුරයට මෙම කේරළ ගංජා තොග වශයෙන් මීට පෙර ද ගෙනවිත් ඇති බවයි වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී හෙළි වී තිබේ.
40 හැවිරිදි මෙම සැකකරුව අද (15) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.








