(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අලූත් අවුරුද්ද උදාවත් සමග සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට එනම් බීමතින් රිය පැදවීම, අධික වේගයෙන් රිය ධාවනය කිරීම, සහ ගිනිකෙළි අනතුරු අවම කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ජාතික හෙද පුහුණු කිරීමේ නිලධාරීනි පුෂ්පා රම්‍යානි ද සොයිසා මහත්මිය කියා සිටියේ මෙම කාලසීමාවේ වැඩිහිටියන් කුඩා දරුවන් පිළිබදව දැඩි ලෙස අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.








