FAST NEWS

24×7 Around the Globe

අද (13) පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ)මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, වයඹ සහබස්නාහිර පළාත්වල සහ අම්පාර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල තැනින් තැන අද (13) සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තිරුකේශ්වරම්, පලයිමොඩ්ඩායි, මාලිකායි, පරාක්‍රමපුර, කැල්ලරවයන ප්‍රදේශ වලට අද දින (13) දහවල් 12.10 ට හිරු මුදුන්ව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සබරගමුව සහ දකුණුපළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයක් ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.