FAST NEWS

24×7 Around the Globe

අවුරුදු නිමීත්තෙන් බන්ධනාගාර රැදවියන් බැලීමට දින 05 ක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද නිමීතිකොගෙන ,අපේ‍්‍රල් මස 13 වැනි දින සිට 17 වැනි දින දක්වා බන්ධනාගාර ගත රැදවියන් බැලීමට ඔවුන්ගේ ඥාතීන්ට අවස්ථාව ලබා දීමට තීරණය කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් මහතා මාධ්‍ය වෙත පැවසීය.
එම දින තුළ ඇති විය හැකි ප‍්‍රවාහන දුෂ්කරතා සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ගත් බවත් හෙතෙම පෙන්වා දෙයි.
මීන් පෙර සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර රැදවූවන් බැලීමට ඔවුන්ගේ පවුල්වලට අවස්ථාව ලබාදි තිබුණේ අවුරුදු දිනය හා තවත් එක් දිනකි පමණි.