FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අදාළ කටයුතු සාර්ථයි – ගෝඨාභය

(ෆෘස්ට් නිව්ස් – කොළඹ) – ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අදාළ කටයුතු සාර්ථකව කර ගැනීමට හැකිවු බව අද (12) උදෑසන දිවයිනට පැමීණි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කටුනායක ගුවන්තොපලේදි මාධ්‍ය වෙත පැවසු බව අප ගුවන්තොටුපල වාර්තාකරු පවසයි.
එ සම්බන්ධයෙන් හා තවත් පුද්ගලික කටයුතු කිහිපයක් සඳහා අමෙරිකාව බලා ගිය එ මහතා සති 03කට ආසන්න කාලයක් එහි රැඳි සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ යළි දිවයිනට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඇමරිකාවේ සංචාරයක නිරත වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12) උදෑසන දිවයිනට පැමිණි බව අප ගුවන්තොටුපල වාර්තාකරු පවසයි.
සංචාරය අතරතුර හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇමරිකාවේ සිටින ශ්‍රී ලාංකික විද්වතුන් හමු වී රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇති බවද පැවසේ.