FAST NEWS

24×7 Around the Globe

අවුරුදු සමයේ දී ආහාර සහ විදුලි උපකරණ භාවිතය ගැන සැලකිලිමත් වන්න…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ දී ආහාර රස ගැන්වීම සඳහා කෘතිම රසකාරක භාවිතයෙන් වැළකී සිටින ලෙසට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
අවුරුදු සමයේදී රට තුළ කෘත්‍රිම රසකාරක භාවිතය ඉහළ යන බවත් , මෙම ද්‍රව්‍ය භාවිතා කිරීම ජනතාවගේ සෞඛ්‍යයට තර්ජනයක් වන බවත් එබැවින් දේශීය කුළු බඩුවලින් ආහාර රස ගැන්වීම සිදුකරන ලෙසටත් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද මහතා ජනතාවට දැනුම් දුන්නේය.
ඒ වගේම , අවුරුදු සමයේදී විදුලි උපකරණ සහ විවිධ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී විශේෂ අවධානයක් යොමු කරන ලෙසටත් පාරිභෝගික කටයුතු අධිකාරිය සදහන් කරයි.
තොග අවසන් කිරීම සඳහා බව පවසමින් ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවි කිරීමේ සිද්ධින් වැඩි වශයෙන් වාර්තා වන බැවින් ඒ සදහා විශේෂ අවධානය යොමුකරන ලෙසටයි පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම් එස් එම් ෆවුසර් මහතා කියා සිටියේ.