FAST NEWS

24×7 Around the Globe

LED වීදි පහන් සදහා කැබිනට් අනුමැතිය…

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – වීදි ආලෝකකරණය සඳහා එල්.ඊ.ඩී. පහන් සවිකිරීම සදහා වන ව්‍යාපෘතියකට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
කොරියානු ටෙලිකොම් ආයතනය විසින් අදාළ යෝජනාව ඉදිරිපත්කර තිබූ අතර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනාව අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.
දැනට පවතින සම්ප්‍රදායික වීදි පහන් වෙනුවට වීදි අලෝකකරණය සඳහා කාර්යක්ෂම වීදි පහන් සවි කිරීම අදාළ ව්‍යාපෘතිය හරහා සිදුකරනු ලබයි.
මෙම ව්‍යාපෘතිය යටතේ කොළඹ නගරය ඇතුළු ප්‍රධාන නගර කිහිපයක ආරක්ෂාව ආරක්ෂාව හා කසළ කළමණාකරණය ක්‍රමවත් කිරිමට cctv කැමරා පද්ධතියක් ස්ථාපිත කිරීමට හැකිවීම, මහජනතාවට භාවිත කළ හැකි wifi පහසුකම් ලබාදීම යනාදී ප්‍රතිලාභද හිමිවෙයි.