FAST NEWS

24×7 Around the Globe

කෝටි 03 කට අධික රන් බිස්කට් සමඟ ශ්‍රී ලංකන් සාමාජිකයෙක් දැලේ…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු විසින් රුපියල් තුන්කෝටි විසිලක්ෂයක් වටිනා රන් තොගයක් ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කිරීමේ දී රේගු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු තම දෙකකුළේ රන් බිස්කට් 10 බැගින් කොටස් හතරකට සකස් කර ඒවා බැද ගෙන, කකුල් වැසෙන සේ මේස් පැළද සපත්තු දමා ගෙන සිටි අතර, එහි කිලෝ 04 ක් බරැති රන් බිස්කට් 40 ක් තිබී ඇත.
සැකකරුගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ වී ඇත්තේ හිතවතෙකු ඩුබායි සිට මෙරටට මෙම රත්රන් තොගය රැගෙන ඒමෙන් පසු එය පිටතට රැගෙන යාම සඳහා තමන් මෙලෙස කටයුතු කළ බවයි.