FAST NEWS

24×7 Around the Globe

සා.පෙළ – උ.පෙළ විභාග ඇගයිම් ගෙවිම් කර නෑ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග ඇගයීම් සහ ප්‍රායෝගික පරීක්ෂණවලට අදාළව ගුරුවරුන්ට මෙතෙක් ගෙවීම් කර නොමැති බවට ඒකාබද්ධ ගුරුසේවා සංගමය චෝදනා කර සිටියි.
2018 වර්ෂයට අදාළ ගෙවීම් පසුගිය මාර්තු මාසය වන විට ගෙවා අවසන් කළ යුතුව තිබූ බව එහි ලේකම් සංජීව බණ්ඩාර මහතා මාධ්‍ය වෙත සඳහන් කළේ ය.
මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලැබුණු විගස අදාළ ගෙවීම් සිදුකරන බව මෙ සම්බන්ධයෙන් කළ විමසීමකදි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතාගෙන් විමසීමක් කළේය.