FAST NEWS

24×7 Around the Globe

රයන් වෑන් රෝයන් යළි රිමාන්ඩ්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහිදි අත්අඩංගුවට ගෙන පසුව මෙරටට පිටුවහල් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රංගන ශිල්පී රයන් වෑන් රෝයන් ලබන 25 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැලිගම පොලීසියට භාර දෙනු ලැබූ රංගන ශිල්පී රයන් වෑන් රෝයන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
ගංජා සන්තකයේ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පරීක්ෂණ සිදු කෙරෙන අතර ඔහු සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් සෙසු පුද්ගලයින් සිව්දෙනා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මුදාහැරියා.