FAST NEWS

24×7 Around the Globe

හෙට (12) , අනිද්දා (13)කොළඹ – කොටුව හා වවුනියාව නගරාන්තර දුම්රිය යාපනයටම..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාවගේ පහසුව උදෙසා හෙට (12) සහ අනිද්දා (13) කොළඹ – කොටුව සහ වවුනියාව අතර ධාවනය කෙරෙන නගරාන්තර සීග්‍රඝාමී දුම්රිය යාපනය දක්වා ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙම සීඝ්‍රගාමී දුම්රිය හෙට (12) පස්වරු 3.55 ට කොළඹ කොටුවෙන් ධාවනය අරඹා මධ්‍යම රාත්‍රී 12.00 ට යාපනයට ළඟාවීමට නියමිත අතර යළි එම දුම්රිය කොළඹ කොටුව බලා යාපනයේ සිට ධාවනය වන්නේ අනිද්දා අලුයම 3.00 ටයි.