FAST NEWS

24×7 Around the Globe

බීමතින් රිය පදවන්නන්ට අද (11) සිට වැඩ වරදී…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළැඹ ඇති උත්සව සමයේ බීමතින් රිය ධාවනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් අද (11) සිට ලබන 20 වනදා දක්වා සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.
බීමත් රියදුරන් පරික්ෂා කිරිම සඳහා ස්වසන නළ 25,000 ක් ගෙන්වා ඇති බවත්, ඒවා මේ වනවිට සියලු පොලිස් ස්ථාන වෙත යොමුකර ඇති බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළේය.