FAST NEWS

24×7 Around the Globe

පළාත් හා දිස්ත්‍රික් කිහිපයකට ගිගුරුම් සහිත වැසි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, වයඹ සහ බස්නාහිර පළාත්වලත් මඩකළපුව , අම්පාර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් අද (11) තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත්, අනුරාධපුරය සහ වව්නියාව දිස්ත්‍රික්ක වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (11) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තදවැසි ඇතිවිය හැකි බවත් එම ප්‍රදේශවල ප්‍රභල අකුණු තත්ත්වයන්ද ඇතිවිය හැකි බවද සඳහන්.
දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින බවත් ,අද දින (11) දහවල් 12.10 ට වනාතවිල්ලුව, ඔත්තප්පුව, සියඹලාගස්වැව, කට්ටමුරිච්චාන, රබෑව සහ මීගස්වැව යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතින බවත් එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.