FAST NEWS

24×7 Around the Globe

මොරගහකන්දෙන් තවත් පළාත් දෙකකට ප්‍රතිලාභ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මොරගහකන්ද- කළු ගඟ වාරි ව්‍යාපෘතිය නිමවීමත් සමඟ රජරට ප‍්‍රදේශයේ කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදුව ඇති බව අද (10) පෙරවරුවේ පොළොන්නරුව ඓතිහාසික ගල්විහාර පුද බිමේ පැවති අලුත් සහල් මංගල්‍යයට එක් වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
වයඹ සහ නැගෙනහිර පළාත්වල ගොවි ජනතාවට ද එම ව්‍යාපෘතියේ ප‍්‍රතිලාභ ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනම් කරන බවද ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.