FAST NEWS

24×7 Around the Globe

කසල කළමනාකරණ කමිටුවකට කැබිනට් අනුමැතිය…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කැලිකසල නිසි පරිදි කළමනාකරණය නොකිරීම හේතුවෙන් ජනතාවට සිදුව ඇති පීඩාවන් සැලකිල්ලට ගෙන කසල කළමනාකරණය කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබද නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍යවරුන් තුන්දෙනෙකුගෙන් යුත්, කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
මෙම කමිටුව සදහා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන, මහානගර හා බස්නාහිර සංවර්ධන මෙන්ම ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍යවරුන් ඇතුළත්ව ඇත.