FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 2018 අද (10) ජනපතිගේ ප්‍රධානත්වයෙන්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 2018 අද (10) පස්වරු 4.00 ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව ඇත.
මෙම සම්මාන උලෙලේ ප්‍රධාන අරමුණ වන්නේ සමාජ වගකීමෙන් යුත් මාධ්‍ය කලාවක් බිහි කිරීම සදහා ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා , හැකියා සහ සුවිශේෂී නිපුණතා ඇගයීමයි.
ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල වාර්ෂිකව පැවැත්වීමට රජය තීරණය කර ඇත.
පුවත්පත් , ගුවන් විදුලිය , රූපවාහිනිය සහ වෙබ් යන ක්‍ෂේත්‍ර 04 නියෝජනය කරමින් භාෂා ත්‍රිත්වයෙන්ම සම්මාන 47 ක් සහ ජුරියේ විශේෂ සම්මාන 04 ක් සමගින් සම්මාන 51 ක් මෙහිදී පිරිනැමේ.