FAST NEWS

24×7 Around the Globe

නව රජයේ කැබිනට් මණ්ඩලය 45යි – අනිද්දා පෙ.ව 11ට දිව්රති.

නව රජයේ අමාත්‍ය මණ්ඩලය අනිද්දා පෙරවරු 11ට දිවුරුම් දීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂ උප නායක, රවී කරුණානායක සඳහන් කළේ කැබිනට් මණ්ඩලය අමාත්‍ය ධුර 45කින් සමන්විත වන බවයි.

ඉන් කැබිනට් අමාත්‍ය ධුර 33ක් එක්සත් ජාතික පක්ෂයටත්, අමාත්‍ය ධුර 12ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ලබාදීමට නියමිත බව ඔහු සඳහන් කළා.

මේ අතර, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ද එදිනට දිවුරුම් දීමට නියමිත වනවා. එම සංඛ්‍යාව සහ ඒ, ඒ පක්ෂවලට අදාළ අමාත්‍ය ධුර බෙදී යන ආකාරය පිළිබඳව තවදුරටත් සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බවයි එක්සත් ජාතික පක්ෂ උප නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.