FAST NEWS

24×7 Around the Globe

හිසතෙල්ගෑමේ ජාතික මහෝත්සවය අප්‍රේල් 17 වනදා කළුතරදී…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ ඉතා වැදගත් චාරිත්‍රාංගයක් වන හිසතෙල්ගෑමේ ජාතික මහෝත්සවය අප්‍රේල් 17 පෙරවරු 7.40 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධි රාජාරාම මූලස්ථාන මහා විහාර භූමියේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
විහාරාධිපති කළුතර රත්නපුර දෙපලාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය හල්වතුරේ අස්සජී හිමියන් විසින් ආගමික වතාවත් සිදු කිරීමට නියමිතය.
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධව උත්සවය සංවිධානය කර ඇත.