FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වැනි සංවත්සරය අදයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 64 වැනි සංවත්සරය පොළොන්නරුවේදි අද (02) පැවැත්වෙනවා. ඒ, පක්‍ෂ සභාපති, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

පස්වරු 02.00 පොළොන්නරුව කඳුරුවෙල රජරට නවෝද්‍යා ක‍්‍රීඩාංගණයේදි සංවත්සර උළෙල ආරම්භ කිරිමට නියමිතයි. මෙම උත්සවය සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු නායකයින් වන මහින්ද රාජපක්‍ෂ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම මහත්මීන්ට ද ආරාධනා කර තිබෙනවා.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වයට පත්වීමෙන් පසු පවත්වන පළමු සංවත්සර උළෙල මෙයයි. මීට සමගාමීව පොළොන්නරුව ගල්විහාරය ඇතුළු ආගමික මධ්‍යස්ථාන කිහිපයක් මුල්කර ගනිමින් විශේෂ ආගමික වැඩසටහන් මාලාවක් ද අද (02) ක‍්‍රියාත්මක කෙරෙනවා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 64 වැනි සංවත්සර උත්සවය පිළිබඳ පක්‍ෂයේ වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක මහතා අදහස් දක්වමින් සඳහන් කළේ මෙම උස්තවයට සමගාමීව පක්ෂ ප්‍රතිසංවිධාන කිරීමේ කටයුතුද සිදු කෙරෙන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව, ආසන බල මණ්ඩල නිළධාරීන්, දේශපාලන නායකයින්, පාර්ලිමේන්තු,ප්‍රාදේශීය සභා, පළාත් සභා මන්ත්‍රීවරුන්, වෘත්තීය සමිති ඇතුළු අනුබද්ධ සංවිධාන සියල්ලකටම මේ සඳහා ඇරයුම් කර ඇති බවත් පැවසුවා.