FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණ අතර සිව්වැනි සකච්ඡාවට දින නියම වෙයි..(update)

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ අතර සිව්වැනි සාකච්ඡා වටයක් පැවැත්විම සඳහා මැයි මස 09 වැනි දිනය නියම වු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වෙත පැවසීය
එම පක්ෂ දෙක අතර අද (10) විපක්ෂ නායක කර්යාලයේදි පැවැත් වු තෙවැනි සාකච්ඡාවෙන් අනතුරව එ මහතා මෙ බව සඳහන් කළේය.
නව සන්ධානයක් ගොඩනැගිම සඳහා දෙපාර්ශවය අතර මෙම සාකච්ඡා පැවැත්වෙයි.
++++++++++++(update)

ශ්‍රීලනිප – සන්ධාන තෙවන සාකච්ඡාව අද (10)

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පුළුල් සන්ධානයක් ගොඩ නැගීම සඳහා වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර තෙවන සාකච්ඡා වටය අද (10) පෙරවරු 10 ට විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විමට නියමීත බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
කෙසේවෙතත් අයවැයට විරුද්ධව ඡන්දය නොදීම හේතුවෙන් නිදහස් පක්ෂය සමග තවදුරටත් සාකච්ඡා පැවැත්වීම අවශ්‍ය නැතැයි ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රීවරුන් රැසක් අවධාරණය කර තිබෙ