FAST NEWS

24×7 Around the Globe

බස් සේවක වර්ජනය ඇරඹෙයි….

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට සමස්ත ලංකා පුද්ගලික බස් රථ සේවක සංගමය දිවයින පුරා වර්ජනයක් ආරම්භ කරනු ලැබීය.
අවම දඩය රුපියල් විසිපන් දහස දක්වා වැඩි කෙරෙන රථවාහන වැරදි අතරට වමෙන් ඉස්සර කිරීම සහ වේග සීමා ඉක්මවා ධාවනය කිරීමේ වරද ඇතුලත් කිරීමට විරෝධය දක්වමින් ඔවුන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරනු ලබයි.
අද (10) මධ්‍යම රාත්‍රිය වනතෙක් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවකයන්ගේ සංගමයේ ප්‍රධාන සංවිධායක යූ.කේ කුමාරත්න රේණුක මහතා කියා සිටියේය.
කෙසේවෙතත් මෙම වර්ජනයට බස් හිමියන්ගේ සංගම්වල කිසිදු සහයක් හිමිවන්නේ නැත. එමෙන්ම මේ සම්බන්ධයෙන් බස් රථ සේවකයන්ගේ සංගමය ප්‍රවාහන අමාත්‍යාංශය සමග කිසිදු සාකච්ඡාවකට එක්වී නොමැති බව අමාත්‍යංශ ලේකම් එම්. පී. ජයම්පති මහතා පැවසීය.
මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය වෘත්තිය සමිති ඊයේ තීරණය කළේය.