(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අද (09) මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කිරිමට තිබූ පැය 48 ක වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා මාධ්‍ය වෙත පැවසීය.
දුම්රිය රියදුරු, නියාමක, ස්ථානාධිපති, පාලක හා දුම්රිය අධීක්ෂණ කළමණාකරුවන් මෙම වැඩවර්ජනයට එක්වීමට නියමිතව තිබිණි.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මසක් ඇතුළත වැටුප් ගැටලුවට විසඳුම් දෙන බවට අද (09) සවස වෘත්තීය සමීති සමග පැවති සාකච්ඡාවේදි ොොන්දු වීමත් සමඟ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව දොඩන්ගොඩ මහතා කීවේය.








