FAST NEWS

24×7 Around the Globe

විදුලිබල මණ්ඩලයට එරෙහි නඩුව 16 වනදා තෙක් කල් තැබෙයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදුලිබල මණ්ඩලයට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන 16 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (O9) නියෝග කළේය.
නොදන්වා විදුලි කප්පාදුවක් සිදුකර ඒ සම්බන්ධව මහජන උපයෝගීතා කොමිසමට තොරතුරු ලබා නොදුන් බව සදහන් කරමින් එම කොමිසම විසින් මෙම නඩුව පවරනු ලැබීය.
මෙම සිද්ධියට අදාළව කරුණු ඉදිරිපත් කිරීම සදහා විදුලිබල මණ්ඩලයට අධිකරණයේ පෙනී සිටිමට අධිකරණය නොතීසි නිකුත් කරනු ලැබුවේ ඉකුත් 02 වැනිදාය.
ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය 2018 වර්ෂයේ මැයි මස 28 වැනිදා සිට විදුලි කප්පාදුවට අදාළව මෙන්ම වෙනත් තොරතුරු සම්බන්ධයෙන් තම කොමිසමට තොරතුරු ලබා නොදුන් බව සදහන් කරමින් එම කොමිසම මෙම පැමිණීල්ල අධිකරණය හමුවේ පවරා තිබුණේ විදුලිබල මණ්ඩලය, එහි සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් නව දෙනෙකුට එරෙහිවය.