FAST NEWS

24×7 Around the Globe

ඇමති රිෂාඩ්ගෙන් පුල්මුඩේ සේවකයින්ට ලක්ෂය බැගින් ප්‍රසාද දීමනා..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පුල්මුඩේ ඛණිජ වැලි සමාගමේ කාර්යය මණ්ඩලය ඇගයීම සහ වාර්ෂික ප්‍රසාද දීමනා ලබාදීම කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, එම ආයතනයේදී ඊයේ (08) සිදු කෙරුණි.
එහිදී ස්ථීර පත්වීම් ලබා සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සේවක මහත්ම මහත්මීන්ට රුපියල් ලක්ෂය බැගින් වූ වාර්ෂික ප්‍රසාද දීමනා පිරිනැමුණී.
ඛණිජවැලි සමාගමේ සභාපති සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ඉන්දිකා රණතුංග මහත්මිය ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්, කාර්යය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.