FAST NEWS

24×7 Around the Globe

අධ්‍යාපන සුදුසුකම් ඇති පොලිස් නිළධාරීන්ට විශේෂ අවස්ථාවක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පහළ ශ්‍රේණිවල පොලිස් නිලධාරීන් හට අධ්‍යාපන සුදුසුකම් අනුව උසස්වීම් කඩිනම් කර ගැනීමේ අවස්ථාවක් සලසාදීමට පොලිස් ප‍්‍රතිසංවිධාන කමිටුව තීරණය කර තිබේ.
ඒ අනුව උපාධියක් සහිත පොලිස් කොස්තාපල්වරයෙකුට සේවා කාලය වසර 03ක් සම්පූර්ණ කිරීමෙන් පසු උප පොලිස් පරීක්ෂකවරයෙකු වීම සඳහා විභාගයට පෙනී සිටිය හැක.
උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවා කාලය වසර 05ක් සම්පූර්ණ කරන උපාධිධාරියෙකුට සහකාර පොලිස් අධිකාරීවරයෙකු වීම සඳහා විභාගයට පෙනී සිටීමට හැකිවනු ඇත.
පොලිස් ප‍්‍රතිසංවිධාන කමිටුව මෙම තීරණය ගෙන ඇත්තේ උපාධිධාරීන් මෙන්ම පශ්චාත් උපාධිධාරීන් ද ඇතැම් විට පොලිස් කොස්තාපල්වරුන් හෝ උප පොලිස් පරීක්ෂකවරුන් ලෙස පහළ ශ්‍රේණිවල සේවයේ යෙදී සිටින බවට නිරීක්ෂණය කර තිබීම හේතුවෙන්.