FAST NEWS

24×7 Around the Globe

මධුෂ් ඉදිරි සති දෙක තුළ ශ්‍රී ලංකාවට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන මෙරට ප්‍රභල පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙක් හා මත්ද්‍රව්‍ය ජවාරම්වෙකු‌ බව කියන මාකඳුරේ මධුෂ් නැමැත්තා දෙසතියක් ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පීරීස් මහතා අද (09) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන්නේය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතතනය කිරීමේ සැලසුම සම්බන්ධයෙන් විභාග වන නඩුව කැඳවූ අවස්ථාවේදී මෙ පිළිබඳ සඳහන් විය.
මෙම ඝාතන සැලසුමට මාකඳුරේ මධූෂ් නැමැත්තා සම්බන්ධ බවටත් තොරතුරු වර්තා වී තිබිම හේතුවෙන් අද (09) අධිකරණයේදි මෙ සම්බන්ධයෙන් අවධාරණය කෙරුණී.
මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහිදී අත්අඩගුවට පත්වූවන් අතරින් 15 දෙනෙකු මේ වන විට ශ්‍රී ලංකාවට පිටුවහල් කිරිමට ඩුබායි පොලීසිය කටයුතු කර තිබේ.