FAST NEWS

24×7 Around the Globe

දුම්රිය වර්ජනය පිළිබඳව සාකච්ඡාවක් පස්වරු 05 ට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරිමට සැලසුම්කර ඇති දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් වෘත්තීය සමිති සහ පාලනාධිකාරිය අතර සාකච්ඡාවක් පස්වරු 05 ට පැවැත්විමට නියමීත බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
ඒ අනුව ප්‍රවාහන අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා සහ වර්ජනයට නියමීත වෘත්තිය සමීති මෙම සාකච්ඡාව පැවැත්වෙයි.
අලුත් අවුරුදු සමය තුළ වැඩවර්ජනයක නිරත නොවන්නැයි මෙහිදී වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කරන බවද ඩිලන්ත ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් සඳහන් කරයි.