FAST NEWS

24×7 Around the Globe

මධුෂ් සමග අත්අඩංගුවට ගැණූනු මොහොමඩ් ජබීර්ව මුදා හැරේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කෙරුණු මොහොමඩ් ජබීර් පොලිස් අපරාධ විමර්ශණ එකකයෙන් ප්‍රශ්න කිරිමෙන් අනතුරු අද (09) මුදා හැරිමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කෙරුණු 30 හැවිරිදි මොහොමඩ් මුෆාර් මොහොමඩ් ජබීර් සහ 37 හැවිරිදි මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසාර් යන දෙදෙනා ඊයේ (08) දින ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණයහ.
මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ 37 හැවිරිදි මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසාර් ප්‍රශ්න කිරීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මඟින් ඊයේ (08) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන ගත්තේය.
අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශය වෙත බාර දී ඇත.