FAST NEWS

24×7 Around the Globe

යුද සමයේ ඉන්දියාව බලා ගිය පිරිසක් අද (09) යළි දිවයිනට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  යුද්ධය පැවති සමයේ ඉන්දියාව බලා ගිය පවුල් 23 ක, සාමාජිකයින් 58 දෙනෙකු අද (09) දිනයේ නැවතත් මෙරටට පැමිණීමට නියමිතව ඇත.
මෙම පිරිසට පිරිමි 26 දෙනෙකු සහ ගැහැණු 32 දෙනෙකු ඇතුළත් බව ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඔවුන් මෙරටට පැමිණීමෙන් පසුව යාපනය, මන්නාරම, වවුනියාව, ත්‍රිකුණාමලය සහ කොළඹ යන දිස්ත්‍රික්කයන් හි පදිංචියට යාමට නියමිතව තිබේ.
සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය විසින් සැලසූ පහසුකම් මත යුද්ධය පැවති සමයේ දී මෙම පිරිස දකුණු ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.