FAST NEWS

24×7 Around the Globe

මාර්ග අංක 138 බස් වර්ජනයක්

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මාර්ග අංක 138 හෝමාගම – පිටකොටුව පෞද්ගලික බස් රථ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මාකුඹුර බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීමත් සමග සිය ධාවන කටයුතු සඳහා ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇතැයි පවසමින් ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.
මෙම වැඩ වර්ජනයට සහය පළ කරමින් මාර්ග අංක 122, අවිස්සාවේල්ල – පිටකොටුව, මාර්ග අංක 125 පාදුක්ක – පිටකොටුව හා මාර්ග අංක 124, මහරගම – ඉහළ බොපේ බස් රථ සේවකයින්ද ධාවන කටයුතු වලින් ඉවත්ව ඇති බව වාර්තා වේ.