FAST NEWS

24×7 Around the Globe

දකුණු පළාත් සභාවේ නිල කාලයක් අද (09) මධ්‍යම රාත්‍රී අවසන්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දකුණු පළාත් සභාවේ නිල කාලය අද (09) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බවත්, ඒ අනුව එම පළාත් සභාවේ බලය පළාත් ආණ්ඩුකාරවරයා යටතට පැවරෙනු ඇති බවද ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
මෙ වනවිට පළාත් සභා කිහිපයක නිල කාලයන අවසන් වී තිබේ.
ඒ අනුව නැගෙනහිර , උතුරු මැද සහ සබරගමුව පළාත් සභා 2017 වසරේදී අවසන් වූ අතර වයඹ හා උතුරු පළාත් සභාවේ නිල කාලය අවසන් වූයේ 2018 වසරේ සැප්තැම්බර් මාසයේදීයි.
බස්නාහිර පළාත් සභාවේ නිල කාලය ද එළැඹෙන 10 වැනිදා අවසන් වීමට නියමිත අතර ඌව පළාත් සභාවේ නිල කාලය ලබන සැප්තැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිතය.