FAST NEWS

24×7 Around the Globe

වියළි කාළගුණයේ වෙනසක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින වියළි කාළගුණයේ වෙනසක් වෙමින් අද (09) පස්වරුවේ ඌව ,මධ්‍යම හා සබරගමුව පලාත්වල ඇතැම් ස්ථානවල අකුණු සමග මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මීට අමතරව දකුණු පලාතේ හා අනුරාධපුර හා වව්නියාව දිස්ත්‍රික්කවල සවස 02 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර පසුව එම එම තත්වය නැගෙනහිර පළාතට හා මුලතිව් දිස්ත්‍රික්කයටද ව්‍යාප්ත විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.