FAST NEWS

24×7 Around the Globe

දුම්රිය සහ බස් හෙට (09) වැඩ වර්ජනය ස්ථිරයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (09) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් සහ සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය දියත් කිරීමට නියමිත පැය 48 ක වර්ජනයේ කිසිදු වෙනසක් නොමැති බව එම වෘත්තිය සමිති ප්‍රකාශ කළේය.
මේ සදහා දුම්රිය රියදුරු, නියාමකවරු, පාලකවරු සහ ස්ථානාධිපතිවරුන් එක්වන අතර වැටුප් විෂමතා ඇතුළු ගැටළු කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය සිදුකරනු ලබයි.
ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමයද , ආණ්ඩුව විසින් නව දඩ මුදල් ක්‍රමයක් හදුන්වා දීමට විරෝධය පළ කරමින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක සංකේත වර්ජනය ආරම්භ කරනු ලබයි.