FAST NEWS

24×7 Around the Globe

ශිෂ්‍යත්වය අනිවාර්ය නොවන බවට චක්‍රලේඛයක් නිකුත් කරයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය නොවන බවට සඳහන් කරමින් මේ වනවිට චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිව්‍යුහ ගතකරණය සම්බන්ධ පත්කරනු ලැබූ සමාලෝචන කමිටුවේ නිර්දේශයන් ද සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව සිසුන්ට තම අභිමතය පරිදී මව්පියන්ගේ ද කැමැත්ත මත විභාගයට පෙනී සිටිනවාද නැද්ද යන්න තීරණය කළ හැකිවනු ඇත.