FAST NEWS

24×7 Around the Globe

මාතර – බෙලිඅත්ත මංගල දුම්රිය ගමන් ආරම්භ කරයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බෙලිඅත්ත බලා ධාවනය වන පළමු මගී ප්‍රවාහන දුම්රිය මාතර සිට ගමන් ආරම්භ කර තිබේ.
අද පස්වරු 02.00 සිට දුම්රිය මගීන් සදහා කාලසටහනකට අනුව දුම්රිය ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති අතර, හෙට (09) පෙරවරුවේ සිට බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ධාවනයට එක් කෙරේ.
බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹන දුම්රිය සංඛ්‍යාව 07 කි.
ඉන් දුම්රියක් ගාල්ල දක්වාද , දුම්රිය හතරක් මරදාන දක්වාද , යාපනය සහ වව්නියාව දක්වා සෙසු දුම්රිය ධාවනය කෙරේ.